Saturday, December 31, 2011

පොලිසියේද මිනිසුන් සිටිනවා දැක්කෙමි

අවසන් මොහත ගෙවන මේ 2011 අව්රුද්ද පුරාම මට පොලිස් නිලදරින්ගෙන් විවිද විදිහේ අරියදුමයි උනේ. එකක් දෙකක් ගැන කලිනුත් කියල ඇති.මෙතනින් ඒවත් බලල නැත්තම් බලන්න.
මේ අව්රුද්දෙ මොන විදිහේ ග්‍රහ චාරයක් ද මන්දා ඉදල ඉදලා ඉරක් හරි කහ ඉරක් කපපු ගමන් පොලිසියෙන් දකිනවා






ඔය වාගේ ඔක්තෝබර් මාසේ එක දවසක මායි මගේ යාළුවෙකුයි බයිසිකලේ යනකොට බස් එකක් දෙපාරක් ම ඇඟට කපාගෙන ඉස්සර කලා.අපිත් අරින්නේ නැතුවම ගිහින් ඒ බස් එක ඉස්සර කලා, ඉස්සර කලා තමා ඉස්සර කරලා තියෙන්නේ හරියටම කහ ඉරක් උඩින්.


අහෝ දුකකි ඉස්සර කරලන්නත් කලින්ම කොහෙද ගොල්ලක ඉදල පැනපු පොලිස් අන්කල් කෙනෙක් විසිල් එකත් ගහගෙනම අත දැම්ම.


දැන් ඉතින් මොනවා කරන්නද . මුන් දෙන්න අපි දෙන්නව කන්න වාගේ බලාගෙන ඉන්නෙත්. අපිට ඉතින් සොරි තමයි කියල හිතාගෙනම ලයිසොන් එක දුන්නා. මොනවද කරන්නේ? කොහෙද වැඩ කරන්නේ? කොහෙද යන්නේ ප්‍රශ්න කෝටියයි


කෝම කෝම හරි අහපු ඒවාට උත්තර දුන්න. එත් මුන්ගෙන් නම් බේරුමක් නැ වාගේ :/


කරන වැඩ කිව්වා, වැඩ කරන තැන් කිව්වා, අදුනන කස්ටිය ගැන නොකිය කිව්වා, එපාර නම් එකෙක් ගේ මුණ ටිකක් වෙනස් උනා.
ටිකක් සද්දේ හෙම දාලා "එහෙනම් අදට යමල්ලා. උබලට නිකන්ම යන්න දෙන්නත් බැ නේ. මේ පොළඟ පුච්චලා පලයව්" කිව්වා
හයියෝ කවද පුච්චපු පොලොඟු ද?
කොහොම හරි පොලඟට පින් සිඩ්ස්ද වෙන්න එදා ඇර පොලිස් දෙන්නගේ ගෙදර අයවත් මතක කරලා එතනින් ආව.


ටික දවසකින් අයෙත් පොලිසියට අහු උනා. නො පාර්කින් තැනක පාර්ක්‌ කරලා.
කොහොම හරි එදා  ම තිබුනේ පොලිසිය දැක්කොත් මේ ලෝකේ දකින්නම අකමැති ජාතියක්.
එදා අල්ලපු රාළහාමිලා දෙන්නත් සුපුරුදු රෙකොර්ඩ් එකම දැම්ම.


කොහොම හරි කතාවෙන් ටිකක් ෆිට් වෙලා අදට විතරක් යන්න කිව්වා. පොලිසියේ කෙනෙක් පගාව ගන්නේ නැතුව යන්න කියපු පලවෙනි දවස :D


කොහොම හරි ඊයෙත් මාස 2 කට පස්සේ ඉර කපනකොටම විසිල් පාර වැදුනා.
කොහොම හරි කතාවෙන් බේරුනා.


මොනවා උනත් පොලිසියේත් හොද කට්ටිය ඉන්නවා වාගේ. අයෙ නම් ටික දෙනෙක් හෝ කරන වැරැද්දකට ජාතියටම බනින හොද නැ.


පුදුමයි එත් ඇත්තයි. වුර්තියට ගරු කරන්න දන්නා පොලිස් මහතැන් ලා කුරුනැගල පොලිසියේ ඉන්නවා දකින්න ලබපු එකත් සතුටුක්‌.


ඊයෙත් හැමදාම වාගේ හිතාගත්තා ආයේ ඉරි කපන්නේ නැමයි කියලා...

4 comments:

  1. සසීන්ද්‍රDecember 31, 2011 at 7:55 AM

    ආ.. මම නම් කියන්නෙ ඔහොම වැරදි කරන අයව කන්දෙකෙන් අල්ලගන්න කියල දනගස්සවල තියන්න ඕනෙ :D

    අනික වැරදි කරල අහුවෙලා දඩ (හෝ පගාව) ගත්තම ඌ වැරදි කාරය, මොකුත් කියන්නැතුව යවපුවාම ඌ හොඳ එකා.. :D

    ReplyDelete
  2. පගාව ගන්න ඒක වැරදියි නේ.
    අනික සමව දීම දේව ගතියක් කියල කියනවා නේ.

    ReplyDelete
  3. හොඳවැඩේ උඹට.. පාරෙ යන්ඩ දන්නැත්තං ගෙදරට වෙලා හිටු.. අහිංසක පොලීසියට බනින්නේ..

    ReplyDelete
    Replies
    1. හික් හික්

      අහිංසක කොහෙද කියලයි ඊලඟ ප්‍රශ්නේ....

      Delete