Wednesday, August 29, 2012

රාවන රජු


රාවනා මහ රජතුමා ගැන හැම තැනම කතා වෙන නිසා මෙහෙම රාවනා නම් ශ්‍රේෂ්ඨ රජ දරුවා ගැන ලියන්නට හිතුනා.පුරාවෘර්ත වලට අනුව කාශ්‍යප බුදුන් ගේ කාලයේ විසුවන්ගේ චිත්ත ශක්තිය භෞතික ශක්තියට වඩා වැඩි යුගයක්. මෙකල ලංකා පුරයෙහි රජකම් කල පුලතිසි පරපුරේ රාවනා නම් නම ලද රජ කුමරා සියලු ශාත්‍රයන් පිලිබද උපරිමයෙන් හදාරා, දෙවි වරුන්ටත් භක්තියෙන් සුගතියෙන් කටයුතු කරන්නට විය.විවිධ වූ පූජා සත්කාර නිසා සතුටට පත් වෙන්නා වු දෙවි වරුන් ප්‍රති උපකාරයක් ලෙස තමන් අදහන්න වු අයට විවිධ වරප්‍රසාද ලබා දීමේ චාරිත්‍රයක් පැවතුනුනි.

මේ ආකාරයෙන් ලංකාපුරයේ පාලකයා බවට පත්වෙන රාවනා නම් යහපත් මනුස්සයා ගේ යහපත් ගතිය නිසා විවිධ අවස්තාවන් වලදි දෙවි වරුන් විසින් ලබා දුන් වරප්‍රසාද නිසා රාවනා රජට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුනි. මේ වෙනවිට සුර අසුර යුද්ධයෙ ජයග්‍රනය උදෙසා ආරක්ශාව බාරව කටයුතු කල ත්‍රිනේත්‍රයක් හොබවන්නා වූ ඊශ්වර දෙවියන්ගේ සුරතෙහි තිබුනු මහා බලසම්න්න කඩුව සොහොන් කාලි නම් දෙවඟනට ලබා දී තිබුනි. ලෝක පාලනයට, ආරක්ශාවට මේ වන විට වඩාත් සුදුසුම පුද්ගලයා රාවනා රජ බවට සිද්ධ ඊශ්වර දෙවියන් තීරනය කර කාලි දෙවඟනට ලබා දී තිබුනු කඩුව නැවත ලබා ගෙන රාවනා රජත ලබා දෙනු ලැබුවා.ඒ මහා මන්ත්‍රබලචාර්ය්‍ය,යන්ත්‍ර,මන්ත්‍ර,ගුරුකම් සම්බන්ද්දව උසස් ,උසස් මනසක් ,උසස් දැනුමක්, උසස් සත්පුරුෂ ගති තිබුනා වු බැවිනි. ඉන් අනතුරුව මහා බ්‍රහ්ම දෙවියන්ගේ දුන්න,හී ද මෙතුමානන්ට භාර කෙරුනා. ඒ ලෝකයට වෙන විවිධ උවදුරු වලින් ආරක්ශා කරන්නට. මෙලෙස ලැබුවා වූ ශක්තිය රාවනා රජට තුන් ලෝකය පලනය කරන්නට, යටත් කරන්නට තරම් හැකියාවක් ලැබුනා.

බලය වැඩි වෙන්න වෙන්න තිබුනා වූ උසස් මනස ක්‍රමයෙන් පිරිහෙන්නට විය. තම බලය අයුතු ලෙස භාවිතා කරන්නට විය. මෙනිසා දෙවි වරුන්ටත් විවිධ වූ තාඩන පීඩන වලට ලක්වෙන්නට විය. නමුත් දෙවියන් ලබා දුන් බලය නිසා රාවනා පැරදවීමට හැකියාවක් කිසිවෙකුටවත් නොවීය. රාවනා රජතුමාගේ උසස් ගති පිරිහෙන අතර අනිසි ලෙස බලය පාවිච්චි කර කරන්නා වූ තාඩන පීඩන නිසා මේ පැමිනිල්ල තුන්ලෝකයටම අධිපති වෙන ශ්‍රී විශ්ණු දෙවියන්ට ඉදිරිපත් විය. රාවනා රජ ගේ අනිසි ක්‍රියාව මර්දනය කරන්නට නම් ශ්‍රී විශ්ණු දෙවියන් නර අවතාරයකින් නරලොවට සැපත් වී මර්දනය කරන්නට සිදු වෙන බව අවබෝද විය.