Wednesday, August 10, 2011

පොලීසියට රු. 990 දීල බේරුන හැටි.......

මගේ පළමු ලිපියට කොමෙන්ට් කරපු හැමොටම ගොඩක් ස්තුතියි.. අද කියන්න යන්නේ මටම උනු ඇත්ත කතාවක්.

පොලොන්නරුවෙ පැවතුනු මිතුරෙකුගේ මන්ගල උත්සවයකට සහභාගි වී මමත් මගෙ යහලුවන් දෙදෙනෙකුත් සමග මිතුරෙකු සතු වූ සුසිකි බඩී වර්ගයේ වෑන් රථයක නැග කුරුණෑගල බලා පොලොන්නරුවෙන් පිටත් වනවිට රාත්‍රි 1 පමන විය.පෙනෙන තෙක් මානයක වහනයක් වත් නැති පාරේ මොන කැටයම්ද කියලා ටිකක් හයියෙන්ම ආවා.ඒත් වැඩිදුර එන්න ලැබුනෙ නැ.වන්ගුවක සැන්ගවී සිටි පොලීස් මහතෙක්  පාරට පැනල අත අල්ලුව වාහනේට.
මමත් වාහනෙ නවත්තලා මගේ අතින් වෙච්චි එකම වරද ටිකක් හයියෙන් ආපු එක විතරනේ කියලා මොනව හරි කරල බේරෙන්න පුලුවන්නේ කියලා සතුටින් ලියකියවිලි ටිකත් අරන් යාලුවෙක් එක්ක ගියා ලියකියවිලි පෙන්නන්න.

 
පො: මොකද ඔච්චර හදිස්සිය.. ?
මම: නැ සෑර්. මෙ වෙලවෙ වහනත් තිබුනේ නෑනේ..(කියමින් ලියකියවිලි ටික දුන්නා )
පො: කෝ මේකේ ලයිසන් ඉවර වෙලා.
(මට දෙලෝ රත් උනා, මාත් ටෝච් එලියට එබිල බලුව අතද කතාව කියල. ඇත්ත නෙන්නම්. ලයිසන් ඉවර වෙලා සතියක් විතර වෙනවා , කව්ද ඉතින් හිතන්නෙ වහෙනෙ ලයිසන් කල් පැනල කියල.  )
පො: මේවට දඩ කොලත් නෑ. උසාවි එන්න පුලුවන් කවද්ද? කොහේ ඉදලද එන්නේ? කොහෙටද යන්නේ? (එන්න එන්න කටහඩත් සැර වෙයි )
මම :යාලුවෙකුගේ වෙඩින් එකකට ගියා සෑර් කුරුණෑගල යන්නේ. එහෙම කරන්න එපා සෑර් ලයිසන් එක ගන්න අයේ කුරුණෑගල ඉදල එන්න වෙනවා .......
පො: ටිකක් බීලා නෙ ඉන්නේ?(සුරාවෙ පලමු පාඩමවත් සම්පූර්න කරල නැතුව මොන බීමනක්ද, )
මම: පිස්සුද සෑර් මම කොහෙ බොන්නද. කටේ තියන්නෙ නෑ, මොනව හරි කරමු සෑර් නොදනුවත්වම නෙ උනේ සෑර්.
පො: මොනවද කරන්නේ තමන්? මෙකට නම් ලියන්නම වෙනවා(පොතේ යටම හරියේ අත්සන් කරයි )
මම: සොෆ්ට් වෙයර් ෆේර්ම් එකකයි කොම්පියුටෙර් ක්ලාස් එකකයි වැඩ කරන්නේ සෑර්.(මනුස්සයාගේ මූන ටිකක් වෙනස් උනා )
පො: හ්ම් හ්ම්ම් පුලුවන් විදිහට මොනවා හරි කරල යන්න.(කවෘත් නැති කලුවර රෑ කිසිම බයක් නැතුව රු500 ක් දීලා  )
මම : අපි යන්නම් සෑර් (කියලා හිනා වෙලා එන්න හදන කොට  )
පො: අපේ පුතාටත් කොම්පියුටර්‍ කෝස් එකක් හොයනවා මොකක්ද්ද හොද එක?(රු 500 කුත් අරගෙන කෝස් එකකුත් දෙන්න. ඒවා කොහෙද මාත් එක්ක )
මම: අයියෝ සෑර් කියන්න එපායේ මෙ නම්බර් එකට කෝල් එකක් දෙන්න මම ෆ්‍රි කෝස් එකක් දෙන්නම්(කියල මගේ දුක අන්කයේ ඉලක්කම් දෙකක් මරු කරලා දීලා , ,   තාමත් ඒ කෝල් එක අවෙ නෑ lolz)
මම: අපි ගිහින් එනම් සෑර් කියගෙන ආවා.


වැඩි දුරක් එන්න ලැබුනෙ නෑ හබරන කැලෑවේදි අයෙත් පොලීසියෙන් නැවත්තුවා. අයෙත් මොන මොනව හරි කියල සීයෙ කොල 4 ක් එක්ක දහයෙ කොල 9 ක් දීලා ඒක ගනන් කරන්න කලින් පොලීසියෙන් රු 10 ක් ඉතුරු කරගත්තු සතුටටත් එතනින් ඉක්මනට ආවා.

ඇවිත් ගලේවෙල තේ බොන්න නවත්තපුහාම
සම්පත් : මට තේ බොන්න බෑ.මම වහනෙ ඉන්නම්.

මමයි අජන්තයි තේ බොන අතරේ පොලීසියේ දෙන්නෙක් තේ බීලා එලියට ආවා.එයාලා ගිහින් අපේ වාහනෙත් හොදට බලගෙන මොනවදො කියවමින් ගියා.

අපිත් තේ බීලා වාහනයට ආපුහාම තම දැන ගත්තේ පොලිස් කාරයා අනිත් පොලිස් කාරයට කියපු දේ.ඒ සම්පත් ගෙන්

"මේක තමයි මචන් වාහනේ."
(පොලිසියේ අය අතර කොච්චර සන්නිවෙදනය දියුනු වෙලාද.කවුද දන්නෙ නෑ මුන්ට රේඩියො දුන්නෙ )

අපිට නැවතත් දෙලෝ රත් උනේ ඒක අහලා. දැන් මොනව කරන්නද?

කෝකටත් අපි හෙමින් ගමන් ඇරම්බුව.
මීටර් 50 ක් වත් යන්න හම්බුනේ නෑ පොලිස් රෑනක්ම ඉනව.වාහනත් දෙක තුනක්ම නවත්තලා. දැන් මොනව කරන්නද.
ක්ෂනික යෝජනාව අයින් කරල නවත්තමු.
ක්ෂනික ප්‍රතිචාර දුන්නු මම අයින් කරල නවත්තුව.දැන් ඉතින් මොනව කරන්නද අපි තුන් දෙනා වාහනෙට වෙලා පොලිස් කටිය යනකල් නිදාගෙන ඉදලා පාන්දර 4 ට විතර ගලේවෙලින් ආවා. රු 990 කුත් දීලා පොලිසියෙන් බේරුනේ එහෙමයි......


 

11 comments:

  1. අයියෝ සල්ලි!

    1 පොලිශ්කාරයට කියන්න තිබ්බෙ "සෑර් 500ය දෙන්න මම නිකන් කරන්නම්" කියලනෙ.
    එහෙම උනානම් 490ක් වැඩේ සේප් :D

    ReplyDelete
  2. එහෙම කියන්න තිබ්බා ඒ පොලිස් කාරයෙක් නොව්නා නම්......:D
    lolz.....

    ReplyDelete
  3. මගෙන්නම් මුන් දවසක් 200 රිලෝඩ් එකකුත් දාගෙන තියනවා ......

    ReplyDelete
  4. සතුටු වෙයං බං.උඹට නිදාගන්න හම්බුනේ උන්ට පින්සිද්ධ වෙන්න නේ

    ReplyDelete
  5. @๧໵ල๟ව ලගය๢
    ඔය මචන් එක දවසක විතරයි නේ

    @ක๩ර๠๜ ග๩ර๠๜
    නිදා ගන්න ඔනි නම් රු500 දෙන්න ඔනි ද මචන්

    ReplyDelete
  6. හය්ය්ය්ය්ය්ය්ය්යො අපරාදේ 950 බන් උබට තිබ්බේ 950 දෙන්න කලින් නවත්තලා නිදාගන්න...

    ReplyDelete
  7. කව්ද හිතුවෙ බන් මුන් ඉස්සරහට ටිප් එක දෙයි කියල.....

    ReplyDelete
  8. හෙහ් මමනම් ගල්ගමුවෙ ඉඳන් කුරුණෑගලට සඳුදා සිකුරාදා බයික් (150cc) එකේ එන්නෙ A1 ලයිසමක් තියාගෙන (අලුත් ලයිසමේ 100cc වලින් පහල) ඒත් මම කිසි පුරස්නයක් නැතුව එන්නෙ....

    ReplyDelete