Saturday, December 31, 2011

පොලිසියේද මිනිසුන් සිටිනවා දැක්කෙමි

අවසන් මොහත ගෙවන මේ 2011 අව්රුද්ද පුරාම මට පොලිස් නිලදරින්ගෙන් විවිද විදිහේ අරියදුමයි උනේ. එකක් දෙකක් ගැන කලිනුත් කියල ඇති.මෙතනින් ඒවත් බලල නැත්තම් බලන්න.
මේ අව්රුද්දෙ මොන විදිහේ ග්‍රහ චාරයක් ද මන්දා ඉදල ඉදලා ඉරක් හරි කහ ඉරක් කපපු ගමන් පොලිසියෙන් දකිනවා






ඔය වාගේ ඔක්තෝබර් මාසේ එක දවසක මායි මගේ යාළුවෙකුයි බයිසිකලේ යනකොට බස් එකක් දෙපාරක් ම ඇඟට කපාගෙන ඉස්සර කලා.අපිත් අරින්නේ නැතුවම ගිහින් ඒ බස් එක ඉස්සර කලා, ඉස්සර කලා තමා ඉස්සර කරලා තියෙන්නේ හරියටම කහ ඉරක් උඩින්.


අහෝ දුකකි ඉස්සර කරලන්නත් කලින්ම කොහෙද ගොල්ලක ඉදල පැනපු පොලිස් අන්කල් කෙනෙක් විසිල් එකත් ගහගෙනම අත දැම්ම.


දැන් ඉතින් මොනවා කරන්නද . මුන් දෙන්න අපි දෙන්නව කන්න වාගේ බලාගෙන ඉන්නෙත්. අපිට ඉතින් සොරි තමයි කියල හිතාගෙනම ලයිසොන් එක දුන්නා. මොනවද කරන්නේ? කොහෙද වැඩ කරන්නේ? කොහෙද යන්නේ ප්‍රශ්න කෝටියයි


කෝම කෝම හරි අහපු ඒවාට උත්තර දුන්න. එත් මුන්ගෙන් නම් බේරුමක් නැ වාගේ :/