Wednesday, August 10, 2011

පොලීසියට රු. 990 දීල බේරුන හැටි.......

මගේ පළමු ලිපියට කොමෙන්ට් කරපු හැමොටම ගොඩක් ස්තුතියි.. අද කියන්න යන්නේ මටම උනු ඇත්ත කතාවක්.

පොලොන්නරුවෙ පැවතුනු මිතුරෙකුගේ මන්ගල උත්සවයකට සහභාගි වී මමත් මගෙ යහලුවන් දෙදෙනෙකුත් සමග මිතුරෙකු සතු වූ සුසිකි බඩී වර්ගයේ වෑන් රථයක නැග කුරුණෑගල බලා පොලොන්නරුවෙන් පිටත් වනවිට රාත්‍රි 1 පමන විය.පෙනෙන තෙක් මානයක වහනයක් වත් නැති පාරේ මොන කැටයම්ද කියලා ටිකක් හයියෙන්ම ආවා.ඒත් වැඩිදුර එන්න ලැබුනෙ නැ.වන්ගුවක සැන්ගවී සිටි පොලීස් මහතෙක්  පාරට පැනල අත අල්ලුව වාහනේට.
මමත් වාහනෙ නවත්තලා මගේ අතින් වෙච්චි එකම වරද ටිකක් හයියෙන් ආපු එක විතරනේ කියලා මොනව හරි කරල බේරෙන්න පුලුවන්නේ කියලා සතුටින් ලියකියවිලි ටිකත් අරන් යාලුවෙක් එක්ක ගියා ලියකියවිලි පෙන්නන්න.

Thursday, August 4, 2011

Wellcome to my cyber space

අනිත් අයට වෙබ් සයිට හදන එකේ මමත් හිතුවෙ මගේම blog එකක් ලියන්න. හිතුන කිවට හිතුනේම නෑ.බ්ලොග් එකක් ලියන්න කියල අදහස දුන්නෙත් ඒ සදහ උනන්දු කලේත් සසීන්ද්‍ර වීරසිංහ .මොනව උනත් දන්න කියන කර්මාන්තයෙන්ම පටන් ගත්තොත් හොදයි කියල ICT ගෑනම ලියන්න හිතුව

දත්ත සහ තොරතුරැ Data & Information

කිසියම් ආයතනයක කාර්යයන් පිළිබදව මුලික කරුණු විස්තර කරන්නා වූ සාධකය දත්ත (Data)  යන්නෙන් අදහස් කරයි. එමෙන්ම දත්තයන් වටහා ගත හැකි  භාෂාවක් නියෝජනය කරන කරැණු වශයෙන්ද විස්තරකල හැකිය. එනම් අංක (5, 100) අකූරු (අඅාඉ, ABCD) පින්තූර හෝ වාර්තාකර තබා ගැනීමේ අනෙකූත් ක්‍රම(උෂ්ණත්වය, වර්ෂාපතනය)  සකස් නොකර පවත්නා දත්තයන්හි තේරුමක් නැත ඒවා ආනුභාවික (Empirical) දත්ත නිරීක්ෂණ ලෙස අත්දැකීම් පදනම් කරගෙන හටගන්නා වු කරුණු ලෙස හැදින්විය හැක.


දත්ත එක්තරා ආකාරයකට සංවිධානය කීරීමෙන් තොරතුරැ (Information) ලබා ගත හැකිය. මෙලෙස සකස්වන තොරතුරැ සරල වාර්තාවක සිට ඉහළ කළමණාකාරිත්වයට ක්‍රමෝපාය තීරණ ගැනීමට උපකාරී වන වාර්තාව දක්වා වෙනස් විය හැකිය